අක්වෙරළ සමාගම්වල ඩොලර් මිලියන ගණනින් මුදල් යොදවා ඇති බවට අයිස්ලන්ත අගමැතිවරයාට එරෙහිව චෝදනා ගොනුවීමත් සමග රජය විසුරුවා හරින ලෙස ඔහු එරට ජනාධිපතිවරයාට පවසා ඇත.
පසුගියදා අනාවරණය වූ පැනමා ලිපි ගොනු සමග අයිස්ලන්ත අගමැති සිග්මන්ඩර් ගන්ලොග්සන් වෙත එරට ජනතාවගෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, අගමැතිවරයාට සහ ඔහුගේ බිරිඳට අක්වෙරළ සමාගමක් හිමි බව ඉන් කියැවුණි.
මේ අතර, සඳුදා දිනයේ අයිස්ලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට අගමැතිවරයාට එරෙහිව දැඩි විරෝධතාවක්ද පැවැත්වුණි.
පැනමාවේ නීති ආධාර සමාගමක් වන මොසැක් ෆොන්සේකා සමාගමේ මෙම අනාවරණයත් සමග ලෝකයේ ප්රබල රාජ්ය නායකයන් මෙන්ම ධන කුවේරයන් රැසකගේ නම් හෙළිදරව් විය.