ශ්‍රී ලංකාවේදී සිය කැසිනෝ ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා සූදානමින් සිටින් ඔස්ට්‍රේලියාවේ බිලියනපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ඒ පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා රජයත් සමග සකාච්ඡා කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
ඩොලර් මිලියන 457ක වටිනාකමකින් සුපිරි පහසුකම්වලින් සමන්විත ක්‍රවුන් හෝටලය ඩී. ආර්. විජේවර්ධන මාවතේ බේරේ වැව ආසන්නයේ ඉදිරිකිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ඇතුළු මහාපරිමාණ සංචාරක හෝටල් තුනක් ඉදිකිරීමට අවශ්‍ය අවසරය ශ්‍රී ලංකා රජය විසින් ලබාදුන් අතර ඒ සඳහා කැසිනෝ අන්තර්ගත කිරීමට අවස්ථාව නොලැබේ.
නමුත් අවශ්‍යනම් දැනට දේශීයව පවතින කැසිනෝ බලපත්‍ර උපයෝගී කරගෙන මෙම හෝටලවලකැසිනෝ ආරම්භ කිරීමේ හැකියාවක්ද පවතින බව සඳහන් වෙයි.
පසුගිය අයවැයේදීද කැසිනෝ සඳහා නව බද්දක් හදුන්වා දීමට කටයුතු කරනු ලැබූ අතර මේ හරහා ජේම්ස් පැකර්ට තවත් කඩුල්ලක් පැනීමට සිදුවී ඇතැයි යනුවෙන්ද ඔස්ට්‍රේලියානු මාධ්‍ය අද (17දා) වාර්තා කළේය.
www.theage.com හා www.smh.com ඇසුරෙනි