පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට කතාකායකවරයාගේ අත්සන 31 දා යොදන බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ සඳහා වන අවශ්‍ය කටයුතු ඉතාමත් ඉක්මනින් නිමකරන ලෙසද කතානායකවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.