බුලත්සිංහල පාහියංගල ලෙනේ පැරණිතම පස්තට්ටුවේ කාලනිර්ණයන් මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර, ඒ අනුව එය අදින් වසර 48000-43000 අතර කාලයට අයත් බව නිර්ණය කර තිබේ.
2012 වසරේ සිදුකළ කැණීම් වලින් පසුව මෙම පස් තට්ටුවේ කාබන් නියැඳි, කාලනිර්ණය සඳහා ඇමරිකාවේ බීටා ඇනලිසිස් ආයතනයට ලබා දී තිබේ.
කෙසේ වුවද මෙම නව කාලනිර්ණයන්ට අනුව ලංකාවේ නවීන මානවයාගේ ජනාවාසකරණය අදින් වසර 50000කට ආසන්න කාලයක් දක්වා ඈතට විහිදෙනබව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.