පාකිස්තානයේ ලාහෝර් හි වින්දන උද්‍යානයක් ඉලක්ක කරමින් තලේබාන් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 70කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කතෝලිකයන් ඉලක්ක කර එල්ල කර ඇති මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය නැගෙනහිර පාකිස්තාන නගරයක් වන ලාහෝර් හි වින්දන උද්‍යානයකට ඊයේ එල්ල විය.
පන්ජාබ් ප්‍රාන්ත රජය පවසන ආකාරයට මෙම ප්‍රහාරයෙන් තවත් 400කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ලාහෝර් කතෝලිකයන් ගුල්ෂාන් ඉක්බාල් වින්දන උද්‍යානයේ විනෝද වෙමින් සිටි බවත්, මියගිය හා තුවාල ලැබූවන් අතර වැඩි පිරිස කාන්තාවන් හා දරුවන් බවත් පාකිස්තානයෙන් වාර්තා වෙයි.
පාකිස්තාන තලේබාන් සංවිධානය ලෙස සැලකෙන ජමාත් උල්-අහ්රාර් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගනිමින් දිගින් දිගටම මෙවැනි ප්‍රහාර එල්ල කරන බව පවසා තිබේ.