පාසල් ළමුන් ඖෂධ මාත්‍රාව වැඩිකර භාවිතයට ගැනීමේ වැඩි ප්‍රවණතාවක්
- 3 12 2017
- 11:48
- {{hitsCtrl.values.hits}} views
- . .
සම්මත මාත්‍රා වලින් බැහැරව දරුණු රෝගාබාධ වලට භාවිතා කරන බටහිර ඖෂධ වර්ග මාත්‍රාව වැඩිකර සබරගමුවේ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව සබරගමු පළාත් නියෝජ්‍ය පොලිස්පති ජී.කේ. පෙරේරා මහතා සබරගමු මහ සමන් දේවාලයේ දි ඊයේ (02 දා) පැවසුවේ ය.
ඒ අතර ඇතැම් පුද්ගලයන් විසින් පාසල් දරුවන් අතර මෙවැනි මත්පෙති ප්‍රචලිත කිරීමේ සැලසුම් ද ක්‍රියාත්මකව පවතින නිසා තරුණ වයසේ සහ එම වයසට පාතබන දරුවන්ගේ මව්පියන් තම දරුවන් කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක් ද කරයි.
බොහෝ ඖෂධ ශාලා වලින් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව බටහිර ඖෂධ වර්ග නිකුත් නොකරන නමුත් මේ ඖෂධ වර්ග දරුවන් අතට පත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව පොලීසියේ විශේෂ අවධානය යොමුව ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.
අජිත ලාල් ශාන්ත උදය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

