මෙරට පාසල් හා ළමා නිවාස ආශ්‍රිතව ළමයින්ට සිදුවන කායික දණ්ඩනය තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු යොදා තිබේ.
එහි මූලික අදියර ලෙස කායික දණ්ඩනය හරහා ළමයින්ට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව මෙන්ම දීර්ඝකාලීනව එය සමස්ත ජීවිතයේ කඩාවැටීමට බලපාන අන්දම පිළිබඳව විදුහල්පතිවරුන් ඇතුලු ගුරුවරුන් දැනුවත් කිරීමටද නියමිතය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කර සිටින්නේ, ජාත්‍යන්තර පාසල් තුළ සිදුවන ළමා හිංසනයන් පිළිබඳවද තොරතුරු වාර්තා වන අතර මෙම විශේෂ වැඩසටහන් අදාළ ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතවද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.