මහනුවර ප්රසිද්ධ පිරිමි පාසලක් ඉදිරියේදී සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ දර්ශන පළවී තිබුණද එම පාසලෙන් හෝ පහර කෑ සිසුවාගෙන් හෝ කිසිදු පැමිණිල්ලක් මේ වන තෙක් පොලීසියට ඉදිරිපත්වී නොමැති බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය පවසයි.
මෙම පාසල් සිසුවාට පසුගිය (22දා) එම පාසල ඉදිරිපිට මාර්ගයේදී පුද්ගලයන් කිහිපදෙනෙකු පහර දර්ශන අන්තර්ජාලයේ පළවී තිබුණි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ පළවු රූපරාමු වලින් ඔවුන් හඳුනාගෙන ඒ සම්බන්ධව විමර්ශනයක් අරඹන ලෙස මධ්යම පළාත් ජ්යේෂ්ඨ පොලිස්පති කාර්යාලයට උපදෙස් දී ඇති බවත් සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවත්ය.