කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරු වශයෙන් බන්ධනාගාරගතව සිටි පාසල් සිසුවා අද (28දා) මිනුවන්ගොඩ උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා නියෝග කළේය.
පොලීසිය සේයා දැරියගේ ඝාතනයට සිසුවා සම්බන්ධද යන්න හඳුනාගැනීමට කළ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඔහු වැඩිදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුකෙරිණි.
මෙම සිසුවා අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් ඔහු ඉගෙනුම ලැබූ පාසලේ ආදිශිෂ්‍ය නීතීඥවරුන් පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටියහ.