ශිෂ්‍ය පාර්ලිමේන්තුවලට ඉදිරිපත් වන ශිෂ්‍යයන් පවා තනතුරට පත්වීමට පාසල් තුළදී අල්ලස් ලබාදෙන තැනට පත්ව සිටින බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මෙරට දේශපාලඥයන් බලයට පත්වීම සඳහා ලබාදෙන අල්ලස් පාසල් දරුවන් තුළට පවා කාවැදී තිබෙන බවද අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
පසුගියදා කොළඹින් පිටත පාසලක පැවැති ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයකදී පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුදල්, චොකලට් හා පෑන් අල්ලස් වශයෙන් ලබාදීම පිළිබඳව වාර්තා වූ බවත්, එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බවද හෙතෙම පවසා සිටියේය.