පාසල් සංවර්ධන සමිතියට මුදල් එකවර නොගෙවූ බව පවසමින් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිසුන් 60දෙනෙකුට ඊයේ සහ අද (28 දා) පාසල් වාර විභාගයට පෙනීසිටීමට අවස්ථාව අහිමිකිරීම හේතුවෙන් එම සිසුන් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි දෙමව්පියෝ පැවසූහ.
පාසල් සංවර්ධන සමිති ගාස්තු ලෙස එකවර රුපියල් 6,250ක මුදලක් ගෙවන ලෙසත් එම මුදල නොගෙවන්නේනම් විභාගයට පෙනීසිටීමට ඉඩනොදෙන බවත් විදුහල්පතිවරයා මීට පෙර සිසුන්ට දැනුම්දී ඇති බවත්, මේ හේතුව නිසා තමන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් දෙමව්පියෝ පවසා සිටියහ.
මේ සම්බන්ධයෙන් සිසුන්ගේ දෙමව්පියන් විසින් ලිඛිත පැමිණිල්ලක් තමන් වෙත ඉදිරිපත් කර ඇතැයි මහනුවර කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩබ්ලිව්.එම්. විජයරත්න මහතා පැවසූ අතර, ඒ අනුව අදාළ සිසුන්ට විභාග අයිතිය ලබා දෙන්නැයි තමා ඊයේ (27දා) සවස 03.00 ෆැක්ස් පණිවිඩයක් මගින් දැනුම් දුන් බවත් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා පැවසීය.
මේ පිළිබඳව අදහස් දක්වමින් කිංග්ස්වුඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන් කළේ සිසුන්ගෙන් පාසැල් සංවර්ධන සමිති මුදල් පමණක් ලබා ගන්නා බවත් වෙනත් කිසිදු මුදලක් පාසල් දරුවන්ගෙන් නොගන්නා බවත්ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍ර ලේඛන වලට පටහැනි කිසිවක් සිදු නොකරන බැවින් පාසැල් සංවර්ධන සමිති මුදල් පමනක් ඡනවාරි මාසයේ මුල ලබා දෙන ලෙසත් එයා ගෙවා ගැනීමට නොහැකි අය සිටිනවානම් ග්‍රාමසේවක සහතිකයක් සමග අභියාචනාවක් පංති භාර ගුරුතුමිය වෙත ලබා දෙන ලෙස සිසුන්ට පවසා සිටි බවත් විදුහල්පතිවරයා පැවැසිය.
එම මුදල් නොගෙවා විභාගයට පෙනි සිටින්නට කලින් දෙමාපියන්ට පංති බාර ගුරුතුමිය හමුවන ලෙස දන්වා සිටියත් සිසුන්ගේ දෙමාපියන් එලෙස නොපැමිනි බවත් පසුව දැනගන්නට ලැබුනේ පාසල් සංවර්ධන සමිතියට ගෙවීම දෙමාපියන් විසින් ළමයින්ට දුන් මුදල් සිසුන් විසින් වියදම් කර ගත් නිසා මෙම ගැටලුව පැන නැගුනු බවත්ය.