පාසල් නොගොස් මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකුඅද (21දා)දහවල් 12.00 ට පමණදියේ ගිලී මියගොස් ඇතැයි කටුගස්තොටපොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන නිමන්ත දිල්ශාන් හා හෂාන් ධනංජය නැමැති ගන්නෝරුව සමගි මාවතේ හා ඔගස්ටාවත්තේ පදිංචි සිසුන් දෙදෙනෙකි.
දියේ ගිලුණු සිසුන් දෙදෙනාගේ සිරුරු දහවල් 3.00 ට පමණ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සොයාගෙන ඇති අතර, මේ සම්බන්ධව කටුගස්තොට පොලීසිය පරීක්ෂණ සිදුකරයි.