ගම්පොළ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සිසුවියන්ට නරක්වූ බනිස් අලෙවි කළ එම පාසල ඉදිරිපිට ඇති වෙළඳසලක කළමනාකරුවකුට ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා රුපියල් පන්දහසක දඩයක් අද (17දා) නියම කළේය.
එම්. සිද්ධික් නැමැත්තෙකුට මෙසේ දඩ නියම කෙරිණි.
මෙම බනිස් ආහාරයට ගත් පාසලේ සමහර සිසුවියන් නිවෙස්වලදී අසනීපවීමෙන් පසු ඔවුන්ගේ මාපියන් විසින් මේ පිළිබඳව ගම්පොළ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.
ගම්පොළ - සුරංග දිල්හාන්