අයහපත් කාලගුණ තත්ත්වය නිසා පාසල් දරුවන්ට අහිමි වී ඇති නිල ඇඳුම් හා පෙළපොත්, අභ්‍යාස පොත් ලබාදීම අද (27දා) සිට සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
කඳු නායයාම සහ ජලයට හසුවීමෙන් කොළඹ හා සබරගමු පළාත් පාසල්වල ඉගෙනුම ලැබූ දරුවන් 29 දෙනෙකු මියගොස් තිබෙන බවත්, ඉන් මරණ 28 ක් වාර්තාවන්නේ සබරගමු පළාතෙන් බවත් පවසා සිටියේය.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා පාසල් දරුවන් 63,318 ක් පීඩාවට පත්වූ බවත්, එම පිරිසෙන් 59,888 ක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බවද අමාත්‍යවරයා කියාසිටියේය.
පෙළපොත් ලබාදීමේදී ගබඩාවල පවතින පෙළපොත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා අලුතින් පෙළපොත් මුද්‍රණය කිරීම ආරම්භ කළ බවත්, සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම නිල ඇඳුම් කට්ටල 02 ක් ලබාදෙන බවත්ඔහු සඳහන් කළේය.
නැති වී ගිය සටහන් වෙනුවට කොළඹ විශ්වවිද්‍යාලය එක්ව සටහන් පිටපත් ලබාදීමට කටයුතු කරන බවත් මීට අමතරව අභ්‍යාස පොත් ලබාදීමටත් කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
අදාළ පෙළපොත්, නිල ඇඳුම් කට්ටල අභ්‍යාස පොත් දරුවන්ට බෙදාදීම සඳහා අද (27දා) කොට්ඨාස කාර්යාලවලට එම ද්‍රව්‍ය ලබාදීම ආරම්භ කරන බවද සඳහන් කළේය