පාවෙන වෙළඳ සැල ආසන්නයේ මේ දින වල දැඩි දුඟදක් හමන බව ජනතාව පවසයි. බැස්ටියන් මාවත බස්නැවතුම්පොළින් මෙන්ම කොළඹ කොටුව දුම්රයි ස්ථානයෙන් ගමන් ගන්නා මගීන් මෙන්ම මැනින් වෙළඳපොළට පැමිණෙන ජනතාවද මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
එසේම එදිනොදා කාර්යයන් සඳහා කොළඹට පැමිණෙන ජනතාවද මෙයින් ගැටලුවට පත්ව සිටිති. වෙළඳ සැල ස්ථාපිත කර ඇති බේරේ වැව නියමාකාරයෙන් පිරිසිදු නොකිරීම හේතුවෙන් මෙම ගැටලුව ඇතිව තිබෙන බව එහි ජනතාව කියති.
වෙළදසැල් හිමියන් සඳහන් කළේ වහනය වන දුගද හේතුවෙන් පාරිභෝගිකයන් පැමිණීමද සැලකිය යුතු මට්ටමකින් අඩුව ඇති බවයි.