පාවෙන අවි ගබඩාව පවත්වාගෙන ගියේ නීත්‍යනුකූලවයි
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම පිළිබඳව තමා අත්අඩංගුවට ගතයුතු බවට ප්‍රකාශ වී ඇතත්, එය පවත්වාගෙන ගියේ නීත්‍යනුකූල ආකාරයට බවත්, මේ නිසා ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතයුතු බවට පෙරේදා (11දා) පැවැති ජාතික විධායක සභාවේදී ගෙන තිබෙන තීරණය පිළිබඳව %අද^ කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කළ හිටපු ආරක්ෂක ලේකම්වරා වැඩිදුරටත් අදහස් දක්වමින්,
“ඇවන්ට් ගාඩ් ආයතනය පවත්වාගෙන යාම පිළිබඳව සෑම වසරකදීම කෝප් කමිටුවට කරුණු වාර්තා කරලා තියෙනවා. පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාම නිසා මෙරටට විශාල විදේශීය විනිමය ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේම විශාල පිරිසකට රැකියා ලැබුණා. මේ සියලුම දේවල් සිදුකළේ නීත්‍යනුකුල ආකාරයටයි. ඒත් මට මඩ ගහන්න ඇවන්ට් ගාඩ් සිද්ධිය පදනම් කරගෙන විවිධ ප්‍රකාශ නිකුත් වෙනවා.
පවත්වන ඕනෑම පරීක්ෂණයකදී ඊට අදාළ තොරතුරු ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම මේ වගේ පාවෙන අවි ගබඩා පවත්වාගෙන යන්නෙ අපේ රට පමණක් නොවෙයි, මුහුදේ ඕනෑ තරම් පාවෙන අවි ගබඩා තියෙනවා* යැයිද සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

