පොලිස් සේවයේ සිට දේශපාලනයට පිවිසි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා සහකාර පොලිස් අධිකාරී තතතුරට අනියුක්ත කිරීමට ජාතික පොලිස් කොමිෂම නිර්දේශ කර ඇත.
උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ඇත. පාලිත රංගෙ බණ්ඩාර මහතා තමන් දේශපාලන පළිගැනීමට ලක්වූ බව සඳහන් කරමින් මෙම ඉල්ලීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් කර තිබුණි.
ඒ අනුව ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන 2000/08/24 දාය. ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගත් අගෝස්තු මස 27 දා සිට සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්කර එම තනතුරට හිමි විශ්‍රාම වැටුප හා දීමනා හිමිවෙයි.