ගලේවෙල රෝහල , ආපදා කළමනාකරණ ඒකකය හා පොලිසිය එක්ව අද (25දා) මාර්ගයේ හදිසි අනතුරක් සිදු වීමෙන් පසු රෝහල, ප්‍රදේශවාසීන් සහ පොලිසිය ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳ පෙරපුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර වෙනත් ගමනක් යම්න් සිටි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මෙය දැක පහුණු වීමක් බව නොදැන තමන්ගේ මාධ්‍ය කණ්ඩායම සමඟ එක්ව එම ස්ථානයට ගොස් රෝගීන් රෝහල්ගත කර තිබේ.
පසුව එය පෙර පුහුණුවීමක් බව පුද්ගලයෙකු විසින් පවසා ඇති අතර ඒ අවස්ථාවේ දී තෙවරප්පෙරුම මහතා සිය කණ්ඩායමත් සමග එම ස්ථානයෙන් ඉවත්ව ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ගොස් වෛද්‍යවරුන්ට, සේවක සේවිකාවන්ටහා පොලීසියට බැණ තර්ජනය කරමින් වහාම මෙම පෙරහුණු ක්‍රියාවලිය නවතා දමන ලෙස පවසා ඇති අතර අශෝභන ආකාරයට හැසිර තිබෙන බව එහි සිටි පිරිස පැවසීය.
මේ පිළිබඳව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්, යූ . නිසාන්ත මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ අමාත්‍යවරයා ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම පෙරහුරු වැඩපිළිවෙළට ඇරැඹී අවසානයේදී කිසිදු සොයා බැලීමකින් තොරව එම වැඩපිළිවෙළ අසාර්ථක කිරීම සිදු කළ බවයි.