රටේ පාලනයේ විශාල වෙනසක් සිදුකරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව රාජ්‍ය අමාතය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
ජනපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් ඒ වෙනස පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
”මේක ආණ්ඩුවට විරුද්ධව දීපු තීන්දුවක්” යැයි ඔහු ප්‍රකාශ කළේය.
“දැනෙන වෙනසක් කරන බව ජනපතිවරයා කීවා” යැයි එස්.බී. දිසානායක මහතා පැවැසීය.