පාලන මිලටත් අඩුවෙන් සහල් විකිණීම සඳහා රජය විසින් වැඩපිළිවෙලක් නිකුත් කර තිබේ. ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ වෙළඳපෙළ සඳහා අවශ්‍ය තරම් සහල් තොග නිකුත් කිරීමට කටයුතු කරමින් තිබෙන බවයි.
මේ අතර ලංකා සතොස විසින් ලොරි රථ 100ක් යොදා ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි පාලන මිල යටතේ සහල් ලබා දිමට කටයුතු කරමින් සිටියි.
එසේම අද (14දා) මරදාන, බම්බලපිටිය, කොළඹ කොටුව, කැළණිය, වැල්ලවත්ත හා රාගම යන දුම්රිය ස්ථාන වලින්ද පාලන මිල යටතේ සහල් ලබාදීමට රජය කටයුතු කර තිබෙන බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
නාඩු කිලෝවක් රුපියල් 64, සුදු සම්බා කිලෝවක් රුපියල් 75, කීරි සම්බා කිලෝවක් රුපියල් 90 හා බාස්මතී කිලෝවක් රුපියල් 95ක් යටතේ මෙම වැඩපිළිවෙළ හරහා පාරිභෝගිකයාට මිලදී ගත හැකි බවද ප්‍රවෘත්ත් දෙපාර්තමේන්තුව කියයි.