රත්නපුර මලංගම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් 16කට හා කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධව චෝදනා එල්ල වී සිටි ප්‍රධාන සැකකරුවකු වන සුගත් චමින්ද නොහොත් පාලංකඩ හීන් මල්ලි පොලිස් වෙඩි තැබීමකින් මරුමුවට පත්ව තිබේ.
හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන මෙම සැකකරු, ව්‍යාපාරිකයා ඝාතනයට යොදාගත් ගිනි අවිය පෙන්වීමට බව පවසමින් රත්නපුර ප්‍රදේශයේ වතුයායකට පොලිස් නිලධාරීන් ගෙන ගොස් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර තිබේ.එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සැකකරුට වෙඩි තබා තිබෙන අතර, වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි වාර්තා වේ.