අක්කෙරෛපත්තුව සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අක්කරෛපත්තුව 5 කණුව ප්රදේශයේදී පාරෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී ඇත. අද (27දා) දහවල් මෙම අනතුර සිදු වූ අවස්ථාවේ රියදුරු පමණක් මෝටර් රථයේ සිටි බව පොලීසිය පවසයි.
මෙම අනතුරින් වාහනයට බරපතළ හානි සිදු වී ඇති අතර රියදුරුට සුළු තුවාල සිදුව තිබේ. ඉදිරිපස රෝදයක හුළං නැතිවීම සමගම රථය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතැයි අක්කරෛපත්තුව පොලීසිය පවසයි.