දකුණු අසියානු කලාපීය සහයෝගිතා සංගමයේ (සාක්) කලාපය තුළ නෛතික කටයුතු පිළිබඳ දැනුම සහ පාරිසරික නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රවීණත්වය වැඩිදියුණු කිරීමේ ප්‍රගතිය වේගවත් කිරීම ඉතා ඉක්මණින් සිදුවිය යුතු යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.
ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (8දා) දින කොළඹ මහ බැංකු ශ්‍රවණාගාරයේදී ආරම්භ වූ පාරිසරික යුක්තිය පිළිබඳ දකුණු ආසියානු නෛතික කටයුතු වටමේස සාකච්ඡාවේ සමාරම්භක උත්සවය අමතමිනි.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, හැකියාව වැඩිදියුණු කිරීමේ ක්‍රියාකාරකම් සම්බන්ධිකරණය සඳහා විශේෂ අංශයක් පිහිටුවීමටද ශ්‍රී ලංකාවේ සහාය පළ කළේය.
“මේ උත්කෘෂ්ඨ ක්‍රියාව සඳහා ශ්‍රී ලංකාව් දායකත්වය සැපයීම සඳහා, ඔබ තීන්දු කරන්නේ නම්, පාරිසරික නීතිය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ විෂය පථයේ, සාක් කලාපය තුළ නෛතික හැකියාව වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන, ආසියානු සවර්ධන බැංකුව සහ වෙනත් එවැනි කාර්යක්ෂම ආයතන සමග කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අගවිනිසුරු කාර්යාලයේ, කුඩා නමුත් කාර්යක්ෂම කාර්යාලයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය මූලික ආයතනික සහ මූල්‍යමය ආධාර සැපයීමට මා සතුටු වෙනවා" යැයි මෙහිදී ජනාධිපතිවරයා පවසා සිටියේය.
'තිරසාර හරිත සංවර්ධනය සඳහා පාරිසරික යුක්තිය' යන තේමාය යටතේ අද සහ හෙට කොළඹදී පැවැත්වෙන වටමේස සාකච්ඡාව, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය සහ ආසියානු සංවර්ධන බැංකුව එක්ව සංවිධානය කරයි.
මෙහිදී, සාක් කලාපය තුළ අගවිනිසුරුවරුන්, විනිශ්චයකාරවරුන් සහ නීති විශාරදයින්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ විද්වතුන් සහ ක්ෂේත්රයේ වෙනත් විශේෂඥයන් හමුවෙති.
තිරසාර සංවර්ධනය උදෙසා, තරගකාරී අවශ්‍යතාවයන් අතර සමබරතාව පවත්වා ගැනීමේදී අධිකරණ භූමිකාවේ වැදගත්කම මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේදී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීමෙන් වැලකී සිටීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
“අන්තර්ජාතික සහ ජාතික නීතීන් ක්‍රියාවට නැංවීමේදී ස්ථායීභාවය සහ සම බව තිබිය යුතුයි” යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය. “මෙයින් අදහස් වන්නේ අධිකරණය සහ අන්තර්ජාතික සංවිධාන මගින් නීතිය ක්‍රියාවට නැංවීමේදී සහ අර්ථ දැක්වීමේදී දෙබිඩි පිළිවෙතක් කිසිසේත්ම තිබිය නොහැකි බවයි. ඔබේ සමුළුව මෙම කරුණු පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට කාලීන අවස්ථාවක් සපයන අතර, අන්තර්ජාතික සහ ජාතික නීති මෙන්ම සම්මතයන් ක්‍රියාවට නැංවීමේදී ස්ථායීභාවය සහ සම බව උත්සුක කිරීමට අවශ්‍ය පොදුවේ පිළිගත් නීති සම්පාදනය කිරීම සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සපයනවා. දයාබර මිතුරනි, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය, මින් අඩුවට කිසිවක් බලාපොරොත්තු වන්නේ නැහැ”