ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අවුරුදු 13, වැය කළ මුදල රු.බි. 3.4, ආපදාවට පත් පිරිස ගිය අවුරුදු තුනේදි ප
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ආරම්භකොට ගතවු වසර 13ක කාලය තුළ (2011-2024) ආපදා අවම කිරිමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට රුපියල් මිලියන 3,404.95ක මුදලක් වැයකොට තිබුණද ආපදා තත්ත්ව හේතුවෙන් පිඩාවට පත් වු සංඛ්‍යාව ඉකුත් වසර තුනක කාලය තුළදි පස් ගුණයකින් පමණ වැඩිවි ඇති බවට අනාවරණය වි ඇත.
නායයාම් තත්ත්වය හැරුණුවිට ගංවතුර, දැඩි සුළං යන ආපදාවලින් විපතට පත් සංඛ්‍යාව පසුගිය වසර තුනක (2022-2024) කාලය තුළදි පස් ගුණයකින් පමණ වැඩිවී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
ජාතික ආපදා සැලැස්ම සකස්කර දැඩි අවධානම් සදහා ප්‍රමුඛත්වය ලබා දි ඒ අනුව ආපදා අවම කිරිමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් විගණනයට සදහන්කොට ඇත්තේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහා ආපදා අවම කිරිම සදහා ලැබි ඇති ප්‍රතිපාදනවලින් පමණක් පිඩාවට පත්වන පුද්ගලයින් සංඛ්‍යාව අඩුකළ නොහැකි බවය.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

