පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමන්ද යෝජනා කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (03දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අද (03දා) විශේෂ පාර්ලිමේන්තු සභාවාරයක් කැඳවා තිබෙන අතර එහිදී මුලින්ම පාර්ලිමේන්තුවේ නැගී සිටි මන්ත්‍රීවරු 7 දෙනෙක් පැවැසුවේ පාර්ලිමේන්තුව විසුරුවන ලෙසයි.
ඉන් අනතුරුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කැමති අය නැගිටින ලෙසයි.
එයට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු පිරිසක් සභාවෙන් නැගී සිටියහ.
කෙසේ වෙතත් වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේම්ජයන්ත්, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංස යන මන්ත්‍රීවරු නැගිටිමෙන් වැළකී සිටියහ.