පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් දෙවරක් කල් තැබුණු පාර්ලිමේන්තුව හෙට (20දා) දක්වා කල් තබා තිබේ.
මහබැංකු අධිපතිවරයා ඉවත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව අදම විවාදයට ගන්නැයි, විපක්ෂය අද (19දා) පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
මේසඳහා ආණ්ඩු පක්ෂයේ එකඟතාව ලබාගැනීමට නොහැකිවීම නිසා සභාවේ කටයුතු අවස්ථා දෙකකදී කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයාට සිදුවිය.
අදාළ අක්‍රමිකතා හේතුවෙන් මහබැංකු අධිපතිවරයා තනතුරෙන් පහකළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාව අද දිනයේ විවාදයට ගත යුතු බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් වාද විවාද ඇතිවිය.