පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලෙස ලබාදුන් රුපියල් ලක්ෂ 50 ක මුදල රුපියල් ලක්ෂ 100 දක්වා වැඩිකර ලබාදෙන බව සඳහන් කළද, මේ වසරට අදාළව කිසිදු මුදලක් ලැබී නැතැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
අතුරු අයවැය තුළින් මෙම ලක්ෂ 100 ක මුදලක් ලබාදෙන බවට යෝජනා කළ බවත්, එහෙත් මෙතෙක් ලබාදුන් රුපියල් ලක්ෂ 50 ක මුදල හෝ වසරෙන් හරි අඩක් ගෙවී තිබුණද මෙතෙක් ලබා දී නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා ප්‍රා‘දේශීය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු ඇනහිට තිබෙන අතර, ගෙවීගිය මාස 06 ක කාලයටම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ ප්‍රා‘දේශීය සංවර්ධන කමිටු රැස්වී නොමැති බවද ඔහු සඳහන් කළේය.
ලක්ෂ 100 ක මුදලක් ලබාදෙන බව සඳහන් කළද එය කුමන අමාත්‍යාංශයක් යටතේ ලබාදෙනවාද යන්න ප්‍රකාශ නොකළ බවත්, මේ නිසා ඒ පිළිබඳ විමසීමටවත් ස්ථානයක් නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
වසරක් තුළ සිදුකරන සියලුම වියදම් පිළිබඳව දෙසැම්බර් මාසයේදී සියලුම බිල්පත් ඇතුළු වාර්තා ලබාදිය යුතු බවත්, මෙම මුදල කඩිනමින් ලබාදීමට කටයුතු කළහොත් ජනතාව වෙනුවෙන් මහජන නියෝජිතයන්ට සංවර්ධන කටයුතු සිදුකළ හැකි බවත් හෙතෙම පවසා සිටියේය.