සංස්කරණය කරන ලද පාර්ලිමේන්තු විවාද සජීවි ලෙස විකාශය කිරීම යළි ආරම්භ කිරීමට කථානායක චමල් රාජපක්ෂ මහතා එකඟ විය.
ඊයේ (20දා) පැවැති පක්ෂ නායක රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු කටයුතු සජීවිව විකාශය කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු ලෙස කථානායකවරයා මේ බව පැවසීය.
මීට ඉහතදී පාර්ලිමේන්තු කටයුතු සජීවීව විකාශය කළ අතර, ඇතැම් අමාත්‍යවරුන්ගෙන් ඊට විරුද්ධව නැගුණු විරෝධතා මත අදාළ කටයුත්ත නතර කෙරිණි.