අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය ආරම්භ වී සුළු මොහොතකින් අනතුරුව ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් අනුව පාර්ලිමේන්තුව විනාඩි 15කට කල් තැබීමට කතානායක කරු ජයසූරිය මහතා යෝජනා කළේය.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පවතින දේශපාලන අර්බුදය හමුවේ රට අරාජික වී ඇති බවත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට විවාදයක් අවශ්‍ය බවත්ය.
ඉන් අනතුරුව මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවූ අතර විවාදයක් පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කිරිමට පාර්ලිමේන්තුව කල් තබා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීය.