පාර්ලිමේන්තුව පරාජය කිරීමට දෙන්නේ නෑ
පාර්ලිමේන්තුව පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නැතැයි එහි නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද(10දා) පැවසීය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කනගාටුදායක අවස්ථාවකට පෙරළෙමින් තිබෙන බවද ඒමහතා කීවේය.
ප්රජාතන්ත්රවාදයේ අවසන් කාලපරිච්ඡේදයට ගෙන යාමේ උත්සාහයක ආණ්ඩුව නිරත වන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ සීමාව පැනවිත් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පෝස්ටර් උදුරාගත් බවත්, ඉන්පසුව තර්ජනය කරමින් භීෂණයක් ඇතිකළ බවත්ය.
“මෙහි ආරක්ෂක ප්‍රධානියා විදියට අද දක්වා කතා කළ අගමැතිවරයාට කතා කරන්න ඉඩ දෙනවා.පාර්ලිමේන්තුව ඉතාම සැහැල්ලුවට පත් කළ කනගාටුදායක අවස්ථාවක්. ආණ්ඩු පක්ෂය අපේ විරෝධතා පෝස්ටර් උදුරාගන්න ආණ්ඩු පක්ෂයේ සීමාව පැනලා විපක්ෂයේ සීමාවට පැනලා ඇති කළ භීෂණය හා තර්ජනය ප්රජාතන්ත්රවාදය අවසන් කාලපරිච්ඡේදයට ගෙන යාමේ ආණ්ඩුවේ උත්සාහයක්. ආණ්ඩුවට මූල්‍ය අර්බුදයක් තියෙනවා.
ආණ්ඩුව තවදුරටත් තමන්ගේ හෙළුව වසාගැනීමට මේ වාර්තාව ඉදිරිපත් නොකිරීමට කි‍්‍රයා කළා. අපි සූදානම් නැහැ පාර්ලිමේන්තුව පරාජය කරන්න. අපි විතරක් වෙනෙයි. ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් මහතා,ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීම් කරද්දිත් පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුව මගින් රටත් දැනගැනීමට ලැබීමට අද දිනයේ හැකියාව තිබියදී එය නොකිරීම පිළිකුල් ලෙස හෙලා දකිනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


