පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට ඖෂධ සැපයීම රජයේ වෛද්‍ය සැපයීම් අංශය මගින් සිදු කරන බවත් එය කිසිදු ලෙසකින් අත්හිටුවා නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.
පාර්ලිමේන්තුව මගින් 2015 මාර්තු මස 19 දා, අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත සම්මත කොට සහතික කරන ලදුව, ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කොට ඇත.
මේ අනුව ඖෂධීය නාමයෙන් සියලු බෙහෙත් වර්ග කිසිදූ අඩුවකින් තොරව පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට සපයා ඇත. රාජ්‍ය ප්‍රතිපත්තියට පටහැනිව ඖෂධ සැපයීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට බලයක් නොමැති අතර, මෙවැනි සැපයීම් විගණන විමසුම්වලට ලක් වී ඇත.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් අත්හිටුවා ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්තියට පිටින් ඖෂධ සැපයීම පමණක් බව එම සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා ප්‍රකාශ කරයි.