මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා අද (18දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ඇත.
පසුගිය 2014 වසරේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස සමයේ සිදුවූ බඩඉරිඟු බීජ බෙදාහැරීම සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව කරුණු දැනගැනීමට ඒ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇත.