පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වෙලා
ඇතැම් සමාජ ජාල වෙබ් අඩවිවල පාර්ලිමේන්තුව විකුණලා දාන්න යනුවෙන් සඳහන් කර තිබෙන බව තමන් දුටු බවත්, අද වනවිට කිසිදිනෙක නොමැති තරමටම පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්ව ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (11දා) අගුණකොළපැලැස්ස ලංකා ධීවර සංස්ථාවට අයත් මසුන් අලෙවිසැල විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.
"කවදාවත් නැති තරමට දැන් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වෙලා. සමහර වෙලාවට අත්දැකීම් නැති අලුත් මන්ත්‍රීවරුන් නිසාත් බොහෝ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් එච්චරම පාර්ලිමේන්තු සාම්ප්‍රදායට වටින්නෙ නැහැ.
මේ නිසාම අද ජනතාවට පාර්ලිමේන්තුව එපාවෙන තත්ත්වයට පත්වෙලා තියෙනවා. මම දැක්කා සමහර සමාජ ජාල වෙබ් අඩවිවල තියෙනවා මේ පාර්ලිමේන්තුව විකුණලා දාන්න කියලා. අද වනවිට ඒ තරමට පාර්ලිමේන්තුව අවශ්‍ය නැහැ කියන තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේ තත්ත්වය මගහරවා ගෙන කටයුතු නොකළහොත් මුළු පාර්ලිමේන්තුවම පිරිහීමකට ලක්වෙනවා" යැයි පවසා සිටියේය.
හම්බන්තොට රෝහණ ආරියරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

