ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේ මැදට පැමිණ කළ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තැබීමට කතා නායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.
අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතේ ඡන්ද විමසුම හෙට (12දා) පැවැත්විමට නියමිත අතර එම ඡන්ද විමසුම හෙට නොපවත්වා අගෝස්තු මස තෙවැනි සතියේදී පවත්වන ලෙසට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු පැවැසීමත් සමග පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සංවිධානය ඡන්ද විමසිම හෙට පැවැත්වීමට එකග වී තිබේ.