පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 32 ක් අත්සන් කළ විශ්වාසභංග යෝජනාවක් කථානායක කරු ජයසූරිය මහතාට ඊයේ (07දා) දිනයේදී භාරදුන් බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
බොරැල්ල ඇන්.එම්.පෙරේරා කේන්ද්‍ර‘යේ අද (08දා) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමට මහලේකම්වරයා සහාය දැක්වීම නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට හානි ගෙනදී තිබෙන බවයි.
මෙම විශ්වාස භංග යෝජනාවට දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙලිය රඹුක්වැල්ල, සී.බී. රත්නායක, ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, වීරකුමාර දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න, සිසිර ජයකොඩි, රංජිත් ද සොයිසා, ඩී.වී. චානක, ගීතා සමන්මලී කුමාරසිංහ, තාරක බාලසූරිය, පද්ම උදයශාන්ත ගුණසේකර, වාසුදේව නානායක්කාර, ජානක වක්කුඹුර, විජිත බේරුගොඩ, රමේෂ් පතිරණ, ඉන්දික අනුරුද්ධ, උදය ගම්මන්පිල, එස්.එම්.චන්ද්‍ර‘සේන, බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, විමල් වීරවංශ, කනක හේරත්, ශෙහාන් සේමසිංහ, පියල් නිශාන්ත ද සිල්වා, කංචන විජේසේකර, මහින්ද යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන් අත්සන් කර තිබුණු බව හිටපු ඇමතිවරයා ප්‍රකාශ කළේය.