පාරලිමේන්තුව තුළ අසභ්‍ය වචන භාවිත කිරීම පිළිබඳව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (25දා) සභාවෙන් සමාව ගත්තේය.
ඉන් අනතුරුව සභාව ඇමතූ කරු ජයසූරිය මහතා සඳහන කළේ පාර්ලිමේන්තුව තුළ එවැනි සිදුවිම් අසන්නට ලැබීම ගැන කනගාටුවට පත්වෙන බවත් මෑතකදි සිදුවූ සිදුවීම නිමා පාර්ලිමේන්තුවේ ගරුත්වය පහත් තැනකට පත්ව ඇති බවත්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා,
“එවැනි සිදුවීමක් පාර්ලිමේන්තුවේදී අසන්නට ලැබීම ගැන මම කනගාටුවට පත්වුණා. ඒ වගේම මම ලැජ්ජාවට පත්වුණා. පාර්ලිමේන්තුවේ ගරුත්වය මෑතකදී සිදුවූ සිද්දධි නිසා පහත් මට්ටමට වැටී තිබෙන බව කියන්නේ බලවත් කනගාටුවෙන් හා සංවේගයෙන්. මෙය මුළු රටටම ආදර්ශ දිය යුතු තැනක්. අද මෙම ස්ථානය දිහා පාසල් ළමුන් පවා බලන්නේ අවඥා සහගතව.”