පාර්ලිමේන්තු ඉතිහාසයේ එක් දිනක් තුළ පැමිණි වැඩිම පාසල් සිසුසිසුවියන් සංඛ්‍යාව අද (24දා) දිනයේ වාර්තාවූ බව පාර්ලිමේන්තු වේත්‍රධාරී දෙපාර්තමේන්තු කාර්යාලය පැවසීය.
දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් 40 ක පමණ සිසුසිසුවියන් 7,000 ක් පමණ ඊයේ දිනය පුරාවට පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණ තිබේ.
එමෙන්ම පාසල් සිසුන්ට අමතරව පාර්ලිමේන්තුව නැරඹීට 1,000 පමණ මහජනතාවක්ද පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණ තිබේ.
ඒ අනුව ඊයේ දිනය තුළ 8,000 පමණ පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණ ඇති අතර, ඊයේ උදෑසන සිට රාත්‍රිය දක්වාම පාර්ලිමේන්තු මහජන ගැලරිය පිරී පැවතුණි.