සේවා මුක්ත හමුදා නිළධාරී සංගමය මගින් මෙම වසරේ පොපීමල් සැමරුම සංකේතවත් කරමින් පලමුවන පොපීමල කථානායක කරු ජයසුරිය මහතා වෙත පැලදවීම අද (03) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවිය. සේවා මුක්ත බට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ඥානවීර මහතා විසින් කථානායකවරයා ව වෙත පලමු පොපීමල පැලදවීම සිදුවිය. හිටපු හමුදා නිළධාරියෙකු ලෙස රට දැය වෙනුවෙන් දිවිපිදු හමුදා නිළධාරින් කෙරෙහි තමා තුල ඇත්තේ ඉමහත් ගෞරවයක් බවත්, යුද සේවය කිසිදු සේවයකට නොදෙවෙනි උතුම් සේවයක් බවත්, කරු ජයසුරිය මහතා මෙහිදී කිවේය.