සාලාව කඳවුර අවට කිලෝමීටරයක වපසරියක් හැර අනෙකුත් ප්‍රදේශවල නැවත පදිංචි කිරීම අවසන් බව බටහිර ආරක්ෂක ආඥා බලසේනාධිපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේය.
ඉතිරි ප්‍රදේශවලට පතිත වී තිබෙන පතොරම් කොටස් ඉවත් කිරීමෙන් පසු ක්‍රමක්‍රමයෙන් අනෙකුත් නිවාස වලත් ජනතාව පදිංචි කිරීම සිදුකරන බවත්, විනාශයට පත් සියලුම ගොඩනැගිලි ඉදිකර දෙන බවද පවසා සිටියේය.
වසා දසා තිබෙනා මාර්ග කොටස පැය 48 ක් තුළ නැවත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් සිටින බවද සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේය.