අතිඋතුම් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන කාලය තුළදී කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා රුපියල් මිලියන 09 ක වියදමින් දෙමටගොඩ, ඔරුගොඩවත්ත, වැල්කඩවත්ත ප්‍ර‘දේශ ආවරණය වන පරිදි ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය.
මීට අමතරව ගෝල්ෆේස් වටරවුම, පරණ පාර්ලිමේන්තු වටරවුමේ ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා පද්ධතිය නවීකරණය කිරීමට සහ කොළඹ නගරයේ රාජකාරිවලට යොදාගන්නා ජංගම පොලිස් කාර් රථ සඳහා ජී.පී.එස්. තාක්ෂණය හඳුන්වාදී එම කාර් රථවලටත් ආරක්ෂිත කැමරා ස්ථාපිත කිරීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර මෙම කටයුතු සිදුකිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.