පානීය ජල බෝතල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි ලැබෙන නිසා සෑම දිස්ත්‍රික්කයකම අලෙවි කරන සියලු ජල බෝතල් වර්ග සාම්පල පරීක්ෂාවක් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
සියලුම ජල බෝතල් නිෂ්පාදන ආයතන ආවරණය වන පරිදි මෙම සාම්පල් ලබාගෙන පරීක්ෂාව කරන බවත්, එහිදී ජල සාම්පල් ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වන සියලුම ආයතනවලට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කරයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය සිදුකළ වෙළෙඳ පොළ පරීක්ෂාවකදී සමහර ජල බෝතල් නිෂ්පාදන ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාදිංචිය ලබා නොගෙන ඇති බවට හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචිය ලබා නොමැති බවට තහවුරු වී තිබේ.
එහෙත් සියලුම ජල බෝතල් නිෂ්පාදනසෞඛ්ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලබාගත යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.