(UPDATE) පානදුරේ රෙදි පිළි අලෙවි කරන ස්ථානයක ගින්නක් ඇති වී තිබේ. ගින්නෙන් වෙළදසල සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙන බව පොලීසිය කියයි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවද පොලීසිය සඳහන් කරයි. මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ගින්න පළමුව හට ගෙන ඇත්තේ උඩු මහළෙන් බව පරීක්ෂන වලදී අනාවරණය වී තිබේ. ඊයේ (20) රාත්‍රියේ මෙම ගොඩනැගිල්ල තුල සාදයක් පැවැත්වූ සිව් දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, සාදයේදී සිදු වූ අත්වැරදීමකින් ගින්න හට ගෙන ඇති බවටද සැකයක් පවතින බව වාර්තා වේ.