පාදුක්ක ප්රදේශයේ රන් භාණ්ඩ උකස් ගන්නා ආයතනයට ආයුධ සන්නද්ධව පැමිණ එම ස්ථානය කොල්ලකෑමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලීසිය සමත්ව තිබේ.
එසේම කොල්ලකරුවන් ළඟ තිබී රන් කිලෝ 1.770ක් හා සිද්ධියට භාවිත කළේයැයි සැලකෙන පිස්තෝලයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සිද්ධිය පිළිබඳව විමර්ෂණ කටයුතු මිරිහාන පොලීසිය විසින් සිදුකරනු ලැබීය. ඒ අනුව සිදුකළ විමර්ශණ වලදී කොල්ලකෑ ස්තානයේ සේවය කරන සේවිකාවකගේ පියෙකු, හමුදා සෙබලුන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වතිබේ.
තිලක් ඇල්විටිගල