පාදුක්කේ රන් භාණ්ඩ උකස් කිරීමේ මධ්‍යස්ථානයක් මංකොල්ලකෑමේ සිද්ධියේදී භාවිත කළේ යැයි පැවැසෙන ගිනිඅවිය ලබාදුන් බව කියන යුද හමුදා ආබාධිත ලුතිනන්වරයෙකු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා පොලීසිය කටයුතු කළේය.
‘අලව්ව රණවිරු ඇපරල්හි’ සේවය කරමින් සිටියදී යුද හමුදා පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මිරිහාන පොලීසියේ විශේෂ අපරාධ ඒකකයට භාර දී තිබේ. මිරිහාන පොලීසිය විසින් යුද හමුදා පොලීසියට කරනු ලැබූ දැනුම් දීමක් මත ලුතිනන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
ගිනිඅවිය ලබා දීම වෙනුවෙන් ලුතිනන්වරයාට රත්‍රං ග්‍රෑම් 120ක් ලබාදීමට මංකොල්ලකරුවන් කටයුතුකොට ඇති බවට තෙරතුරු අණාවරණයවී තිබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
තිලක් ඇල්විටිගල