පාඩු ලබමින් පවත්වාගෙන යන ශ්රී ලංකන් ගුවන් සමාගම වෙත තවත් රුපියල් බිලියන 27ක ණයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.මහජන බැංකුවෙන් රුපියල් බිලියන 12ක් හා ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 15ක් ලෙස මෙම ණය මුදල ලබාදිමට යෝජනා වී ඇත.
ශ්රී ලංකන් ගුවන් සමාගම දිගින් දිගටම පාඩු ලබමින් තිබෙන අතර මේ වන විට එහි පාඩුව රුපියල් බිලියන 22ක් පමණ වෙයි. එය ආයෝජකයෙකු වෙත පැවැරීමට රජය අපෙක්ෂා කළත් කිසිවෙකුත් ඒ සඳහා ඉදිරිපත්ව නොමැත.
අජන්ත කුමාර අඟලකඩ