බස්නාහිර හා මහානගර සංවර්දන අමාත්‍යාංශයට පසුගිය වසරේ අයවැයෙන් වෙන් කළ මුදල් නිසි පරිදි වියදම් කර නොමැති බවත්, එවැනි අමාත්‍යාංශයකට තවත් මුදල් වෙන්කිරීම සඳහා මුදල් ඇමතිවරයාට මොළයේ අමාරුවක් තිබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
2016 වසරේදී මෙගාපොලිස් අමාත්‍යාංශය විසින් පුනරාවර්තන වියදම් ප්රතිපාදනයෙන් 74.2%ක් හා ප්‍රාග්ධන වියදම් ප්රතිපාදනයෙන් 42.5%ක් පමණක් වියදම් කර තිබෙන බවත්, ආණ්ඩුව මූල්‍ය අර්බුදයක සිටින අවස්ථාවක පසුගිය වසරට වඩා එම අමාත්‍යාංශයට රුපියල් බිලියන 12ක් වැඩිපුර ලබාදී තිබීම සම්බන්ධව පාඨලී රණවක ඇමතිවරයා සතුටු විය යුතු බවද හෙතෙම පවසා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, අද (13දා) පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.