තෙදින නිල සංචාරයක් සදහා ශ්රී ලංකාවට පැමිණි පාකිස්ථාන අග්රමාත්ය නවාස් ශරීෆ් මහතා වෙනුවෙන් ශ්රී ලංකා ජනාධිපති ගරු මෛත්රිපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ (05) කොටුව ජනාධිපති මන්දිරයේදී විශේෂ රාත්රි භෝජන සංග්රහයක් සංවිධානය කොට තිබුණි. මේ සඳහා අගමැති රනිල් වික්රමසිංහ මහතා කථානායක කරු ජයසුරිය මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වුහ.