රුපියල් ලක්ෂ 37 ක් වටිනා හෙරොයින් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ 54 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකු ඊයේ (06දා) රාත්රියේදී කටුනායක ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාකිස්තානු ජාතිකයා ව්‍යාපාරිකයෙකු වන බවත්, ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් රේගුව ප්‍රකාශ කරයි.
පාකිස්තානු ජතිකයා පිළිබඳ රේගු නිලධාරීන්ට ඇති වූ සැකය මත, ඔහු රැගෙන ආ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදීඑහි විවිධ ස්ථානවල කුඩා ප්‍රමාණවලින් හෙරොයින් ඉතා සූක්ෂ්ම ආකාරයට සඟවාගෙන තිබියදී සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුට ගත් හෙරොයින්වල මුළු බර ග්‍රෑම් 376 ක් බව රේගුව පවසයි.