පාකිස්තානයෙන් සහල් මෙටො 300000ක්
පාකිස්තානයේ සහල් මෙට්‍රික් ටොන් 300,000ක් ලබාගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවට බලපෑ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් රට තුළ සහල් හිඟයක් මතුව ඇති අතර එය පියවා ගැනීම සඳහා මෙසේ සහල් ආනයනය කිරීමට අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ට මහතා ඇතුළු පිරිසක් පාකිස්තානයේ වාණිජ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවේදී සහල් මෙට්‍රික් ටොන් 300,000ක් ලබාගැනිම පිළිබඳව සාකච්ඡා කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
රජයෙන් - රජයකට මූලධර්මය යටතේ සහල් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුකර ඇති අතර හදිසි අවස්ථාවක් ලෙස සලකා ඉක්මනින්ම සහල් මෙට්‍රික් ටොන් 25,000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට පාකිස්තානය එකඟතාව ප්‍රකාශ කර තිබේ.
ඉතිරි සහල් තොගය පිළිබඳව දෙරට අතර ඇති කරගන්නා එකඟතාවයකින් පසුව ලබාගැනීමට නියමිත බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.
මීට අමතරව සීනි ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය පාකිස්තානයෙන් ලබාගැනීමට දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

