ශ්‍රී ලංකාවේ ප්රමුඛ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 (රුපියල් කෝටි 3080) ණයක් ලබාදීමට පාකිස්තානය එකඟ වී තිබේ.
නිවාස ඉදි කිරීම, පශු සම්පත් නගා සිටුවීමට අවශ්‍ය සතුන් ආනයනය, කෘෂිකර්මාන්තය හා කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සංවර්ධනය කිරීම වැනි කාර්යයන් සඳහා මෙම ණය පහසුකම් යොදවීමට නියමිතය.
පාකිස්තානු රජය සමග ඊට අදාළ ණය ගිවිසුමට එළැඹිමට හිටපු මුදල් අමාතය රවී කරුණානායක මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවට අමාත්‍යයේ අනුමැතිය ලැබී තිබේ.